CSK කණ්ඩායමේ තෙවන ජය – IPL
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (13) පැවැති තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරදා ලකුණු 20කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
එම තරගය ජය ගැනීමත් සමඟ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තරගාවලියේ සිය තුන්වන ජය වාර්තා කළේය.
කාසියේ වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 167ක් රැස්කර ගැනීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ රැස්කර ගත්තේ ලකුණු 147ක් පමණි.
පන්දු 10ක් තුළ දී කඩුලු 3ක් දවාගත් රවේන්ද්‍ර ජඩේජා තරඟයේ වීරයා වූ අතර ඔහු නොදැවී ලකුණු 25ක් රැස්කරගත්තේය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද (14) තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඩුබායිහි දී පැවැත්වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
