දේශීය

අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කෙරේ

කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය සහ වත්මන් ජීවණ වියදම සැලකිල්ලට ගනිමින් පරිප්පු, ටින්මාළු, බී ළුෑණු සහ සීනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල ආනයනික බදු ඉවත් කරන බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආනයනික බද්ද ඉවත් කිරීමත් සමඟ ඊයේ (13) රාත්‍රියේ සිට ටින්මාළු රුපියල් 200කට, බී ළුෑණු කිලෝව රුපියල් 100කට සහ සීනි කිලෝව රුපියල් 85ක් වැනි මිලකට ගැනීමට හැකිවන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිල දී ගන්නා විට පරිප්පු කිලෝව 150ක් වැනි මිලකට ගැනීමට විධිවිධාන සලසා තිබේ.

එසේම පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම හා හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩිකර ඇති අතර පාරිභෝගිකයින්ට සතොස අලෙවිසැල් හරහා සාධාරණ මිලකට පොල් ලබා ගැනීමට හැකියාවක් පවතින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *