බදියුදීන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම්
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 6ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
බදියුදීන් මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (13) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් කළ ද එය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය.
එහි දී මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ වරෙන්තුවක් නොමැතිව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකි බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
