ප්‍රංශයට යළිත් ඇඳිරි නීතිය
ප්‍රංශයේ අගනුවර වන පැරීසියට සහ තවත් නගර 08කට යළිත් ඇඳිරි නීතිය පැනවීමට තීරණය කළ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් පවසයි.
රාත්‍රී කාලය තුළ මෙම ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර ඇති අතර එය රාත්‍රී 9 සිට අලුයම 6 දක්වා ඉදිරි සති 4ක පමණ කාලයක් තුළ බලපැවැත්වෙනු ඇති බව සඳහන් වේ.
ප්‍රංශයේ කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර මහජන සෞඛ්‍ය පිළිබඳ හදිසි තත්වයක් ද මේ වන විට ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ වන විට ප්‍රංශයේ හඳුනාගෙන ඇති සමස්ථ කොවිඩ් 19 වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 779,063 දෙනෙක් වන අතර කොවිඩ් මරණ 33,037ක් වාර්තා වන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
