හබරාදූව පොලිසියේ නිළධාරීන් 5ක් නිරෝධායනයට
ගාල්ල හබරාදූව පොලිස් ස්ථානයේ නිළධාරීන් 5 දෙනෙකු නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
එම පොලිස් ස්ථානයේ නිළධාරියෙකු ඇසුරු කළ පුද්ගලයෙක් කොවිඩ් 19 ආසාදිතයෙකු බව තහවුරු වීමත් සමඟ එම නිළධාරීන් 5 දෙනා මෙසේ නිරෝධායනයට යොමු කිරීමට පියවර ගෙන තිබේ.
පසුගියදා එම පොලිස් නිළධාරියා සහභාගී වූ උත්සවයකට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයාද සහභාගී වී ඇති අතර පසුව එම සේවකයාට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.
ඒ අනුව අදාළ නිළධාරියාගේ ද PCR පරීක්ෂණ සිදුකර ඇති අතර ඔහුට වෛරසය ආසාදනය වී නොමැති බවට එම පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී ඇත.
කෙසේ වෙතත් මේ හේතුවෙන් පොලිස් නිළධාරීන් 5 දෙනා නිරෝධායනයට යොමුකළ බව හබරාදූව පොලිසිය පවසයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
