මිනුවන්‌ගොඩ පොකුරෙන් කොවිඩ් ආසාදිතයින් 1,789ක් දක්වා ඉහළට
ඊයේ (15) දින හදුනාගත් කොවිඩ් වෛරස ආසාදිතයින් 68දෙනක් සමග මිනුවන්‌ගොඩ සමස්ත ආසාදිතයින් ගණන 1,789 දක්වා ඉහළ යන ලදි.
එම ආසාදිතයින් 68 දෙනා අතරින් 22ක් නිරෝදායන මධ්‍යස්ථානවල සිටි ආශ්‍රිතයින් හෝ කාර්යමණ්ඩල සාමජිකයින් වන අතර ඉතිරි ආසාදිතයින් 46 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සඳහන් කර ඇත.
එසේම විදේශයන් හී සිට පැමිණි වෛරස ආසාදනයින් 6ක් ද වාර්තා වේ.
මෙරටින් සමස්ත කොවිඩ් වෛරස ආසාදිතයින් 5,244 ක් හමූ වී ඇති. ඉන් පූර්ණ සුවය ලැබූවන් 3,380ක් වන අතර මේ වන විට රෝහල් තුළ නේවාසිකව ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 1,851 වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
