දේශීය

කෑගල්ලේ ගම්මාන 6කට සංචරණ සීමා

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගම්මාන 6ක් සඳහා තාවකාලිකව සංචරණ සීමා පනවා ඇති බව වාර්තා වේ.

ඒ් අනුව ඊරියගොල්ල, ඇඹුල්අඹේ, පිංහේන, අලවත්ත, බොරළුව සහ කිරිවල්ලාපිටිය යන ගම්මාන 6 සඳහා තාවකාලිකව සංචරණ සීමා පැන වූ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.

රඹුක්කන ඊරිගොල්ල ප්‍රදේශයේ කාන්තාවක් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමත් සමඟ ඒ හා අදාළ ආශ්‍රිතයින් හඳුනාගැනීම පහසු කිරීමට එම තීරණය ගත් බව එම මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 ආසාදිතයින් 15 දෙනෙකු හඳුනාගෙන ඇති අතර දිස්ත්‍රික්කය පුරා පුද්ගලයින් 636 දෙනෙකු නේවාසික නිරෝධායනය සඳහා යොමුකර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *