කොරෝනා ආසාදිත 10කට සුවයි
නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ඒ අනුව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 3,395ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ වන විට මෙරටින් සමස්ථයක් ලෙස වාර්තා වී ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 5,354ක් වන අතර ඉන් තවත් ආසාදිතයින් 1,946 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
