CID අධ්‍යක්ෂ තනතුරට නිශාන්ත ද සොයිසා
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත ද සොයිසා මහතා පත්කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ. ආර්. පී. ජේ. ද අල්විස් මහතා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙස නම්කර තිබෙන බව වාර්තා වේ.
මීට අමතරව මානව සම්පත් කළමනාකරණ දිසාව භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා මානව සම්පත් කළමනාකරණ බඳවා ගැනීම්, විනය හා ජාත්‍යන්තර සබඳතා දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර තිබේ.
අදාළ ස්ථාන මාරු කිරීම් සේවයේ අවශ්‍යතාවය මත වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති අතර ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ද හිමිව ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
