ක්‍රීඩා

MI පිලට තියුණු ජයක් – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (16) පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත් විය.

එම තරගයේ දී මුම්බායි ඉන්දියන්ස් පිලත් සමඟ තරගවැදුණේ කොල්කටා නයිට් රයිඩර්ස් පිලයි.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 148ක් පමණි.

ඒ අනුව ලකුණු 149ක ඉල්කකයක් හඹායෑම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් පිල පන්දුවාර 16යි පන්දු 5දී කඩුලු 2ක් පමණක් දැවී ඉතා පහසුවෙන් සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වූයේ කඩුලු 8ක් අතැතිවයි.

තරග 56කින් සමන්විත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 32වන තරගය අවසන් වූ අතර මේ වන විට මුම්බායි ඉන්දියන්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *