දේශීය

ප්‍රවීන රංගවේදිනි අනුලා බුලත්සිංහලගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීන රංගවේදිනී අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (17) ප.ව.4.30ට බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදුකිරීමට නියමිතය.

අනුලා බුලත්සිංහල මහත්මියගේ දේහය මේ වන විට බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා කලාකරුවන් මෙන්ම රසික රසිකාවියන් බොහෝ පිරිසක් මේ වන විට පැමිණ තිබේ.

වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමා රංගන ශිල්පිනියක් ලෙස රංග කලාවට විශිෂ්ට මෙහෙවරක් ඉටුකළ අනුලා බුලත්සිංහල මහත්මිය ජීවිතයට එක්වරක් පමණක් පිදෙන නාට්‍ය කීර්ති සම්මානයෙන් ද පිදුම් ලැබීය.

රතු හැට්ටකාරි, තාරාවෝ ඉගිලෙති, මධුර ජවනිකා, කුවේණි, මහාසාර, ලෙඩෙක් නැති ලෙඩක්, චරිත දෙකක්, නිල් දිය යහන සහ ගෝල් යනා දී විශිෂ්ට කලා නිර්මාණයන් සඳහා ඇය රංගනයෙන් දායක වී තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *