පාස්කු ප්‍රහාරයේ නව අනාවරණ
පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදා ගනිමින් එල්ල කිරීමට සහරාන් හෂීම් සැලසුම් කර තිබූ බව පළමුවරට පාස්කු කොමිසම හමුවේ අනාවරණය විය.
පාස්කු ඉරුදින පළමු ප්‍රහාරයෙන් පසුව අදියර 3ක් යටතේ ප්‍රහාරයන් රැල්ලක් සිදුකිරීමට සහරාන්ගේ කණ්ඩායම සූදානම්ව සිටි බව අත්අඩංගුවටගත් සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයෙකුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වී තිබේ.
ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාස නිලධාරීයෙකු විසින් පාස්කු කොමිසම හමුවේ ලබාදුන් සාක්ෂිවල දී මේ පිළිබඳව අනාවරණය වී ඇත.
එමෙන්ම අදාළ නිලධාරියා සාක්ෂි ලබාදෙමින් පැවසුවේ 2019 වසරේ මාර්තු මාසය වන විට ජාතික තවුහීද් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂීම් සහ නවුෆර් මවුලවි අතර නායකත්වය වෙනුවෙන් ගැටුමක් හටගෙන ඇති බවයි.
සහරාන්ගේ කණ්ඩායමේ සාමාජිකයාගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී මේ බව අනාවරණය වූ බව එම නිළධාරියා වැඩිදුරටත් ප්‍රකාශකර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
