දේශීය

හෙරොයින් සමඟ කාන්තාවන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරියන් දෙදෙනා කළුතර බන්ධනාගාරයේ සිට ජංගම දුරකථන උපයෝගීකර ගනිමින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ වූවන් වන අතර වයස අවුරුදු 21 සහ 34 යන වයස්වල පසුවෙයි.

අඟුලාන පොලිස් දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 570ක් සහ මුදලින් රුපියල් 33,000ක් ද සොයාගෙන තිබේ.

සැකකාරියන් මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එළැඹෙන 29වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *