ක්‍රීඩා

DC කණ්ඩායමට ජය – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (17) පැවැති තරගයේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා කඩුලු 05ක ජයක් ලබා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය.

එම තරගයේ කාසිය වාසිය දිනාගත් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි අතර නියමිත පන්දුවාර 20 අවසානයේ චෙන්නායි කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස්කර ගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 5ක් තුළ දී කඩුලු 5ක් දැවී ලකුණු 185ක් රැස්කර ගනිමින් තරගයේ ජය වාර්තා කළේය.

පන්දු 58ක් තුළ ලකුණු 101ක් රැස් කළ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ ශිකර් ධවාන් එම තරගයේ වීරයා වූ අතර එය ඔහුගේ IPL මංගල ශතකයයි.

එම තරගය ජයගත් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටී.

මෙම තරගාවලියේ තවත් තරගයක් රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ඩුබායිහි දී පැවැත්විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 177ක් රැස්කර ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ රෝයල්ස් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 4කදී කඩුලු 7ක් අතැතිව ලකුණු 179ක් රැස්කර ගනිමින් එම තරගය ජයගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *