දේශීය

කෝප් සහ කෝපා කමිටු රැස්වීම් අත්හිටුවයි

මෙරට කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) සහ රජයේ ගිණුම් කාරක සභාවේ (කෝපා) පැවැත්වීමට නියමිතව තිබූ කම්ටු රැස්වීම් තාවකාලිකව අත්හිටුවා තිබේ.

මහජන ඒකරාශීවීම් වැළැක්වීම සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම යන සෞඛ්‍ය කරුණු පදනම්කර ගනිමින් කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් සහ කෝපා සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර එළඹෙණ 20 වැනිදා සිට 23 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබූ කෝප් සහ කෝපා කමිටු රැස්වීම් සියල්ල අත්හිටුවා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *