සුවය ලැබූවන් 3,440 දක්වා ඉහළට
කොවිඩ් 19 වෛරස ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 37 දෙනෙකු අද (19) දිනයේ දී පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් අතර ජාතික බෝවන රෝග විද්‍යායතනයේ සිටි පුද්ගලයින් 14ක්, වැලිකන්ද මූලික රෝහලේ පුද්ගලයින් 17ක් සහ තෙල්දෙණිය මූලික රෝහලේ සිටි පුද්ගලයින් 6 දෙනෙකු ද වේ.
ඒ අනුව මෙරට පූර්ණ සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,440ක් වන අතර තවත් රෝගීන් 2,132 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
