20 සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමිගෙන් ජනපතිට ලිපියක්
“හෙළ බොදු සවිය” සංවිධානයේ ප්‍රධාන අනුශාසක ඕමල්පේ සෝභිත නාහිමි විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මේ වන විට භික්ෂූන් වහන්සේලාගේ, අගරදගුරු මණ්ඩලයේ සහ සිවිල් සංවිධානවල විරෝධය පළ වී ඇති අතර මෙරටේ ප්රජාතන්ත්රවාදී ජනනායකයා වශයෙන් ඒ සඳහා අවධානය යොමුකළ යුතු බවට එම ලිපියේ සඳහන් වේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කළ දිවුරුමට පටහැනිව අත්තනෝමතිකව ක්‍රියා කළහොත් එමඟින් ජනතා අප්‍රසාදයට පාත්‍ර විය හැකි බවත් එය රටේ සංවර්ධනයට හානිකර ප්‍රතික්‍රියා නිර්මාණය කරනු ඇති බවත් ඕමල්පේ සෝභිත නාහිමි විසින් එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
