20ට අදාළ විවාදය කල් දමන්න – ලක්ෂ්මන් කිරිඇල්ල
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙම සතියේ පැවැත්වීමට නියමිතව තිබූ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා තිබේ.
කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රජය විසින් නිකුත්කළ ගැසට් නිවේදනයට අනුව රැස්වීම් පැවැත්වීම සිදුනොකළ යුතු බවත් එසේ නොකිරීම ගැසට් නිවේදනයේ සඳහන් නිරෝධායන රෙගුලාසි උල්ලංඝනය කිරීමක් බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම ලිපියේ සඳහන් කර ඇත.
නීති සම්පාදනය කරන ස්ථානයම එම නීති උල්ලංඝය කරන්නේ නම් රටට දෙන ආදර්ශය කුමක් ද යනුවෙන් එම ලිපිය මඟින් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විමසීමක් ද සිදුකර ඇත්තේ රැස්වීම් සීමා කර ඇති අවස්ථාවක පාර්ලිමේන්තුව පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති නිසාවෙනි.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
