ක්‍රීඩා

KXIP පිලට දෙවන සුපිරි පන්දුවාරයේ දී සුපිරි ජයක් – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (18) පැවැති තරගයේ දෙවන සුපිරි පන්දුවාරයේ දී විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් රැස්කර ගැනීමට සමත් විය.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

සම ලකුණු ලබා ගැනීමත් සමඟ සුපිරි පන්දුවාරය ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් හා කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම් සුපිරි පන්දුවාරයේ ද සම ලකුණු ලබා ගත්තේය.

එහි දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩාම නියමිත පන්දුවාරය තුළ එක් කඩුල්ලක් දැවී ලකුණු 5ක් ලබාගත් අතර කිංග්ස් ලෙවන් කණ්ඩායම ද කඩුලු 2ක් දැවී ලකුණු 5ක් රැස් කළේය.

කෙසේ වෙතත් යළි ඇරඹුණු දෙවන සුපිරි පන්දුවාරයේ දී ලකුණු 12ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය කිංග්ස් ලෙවන් කණ්ඩායම කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 15ක් රැස්කර ගනිමින් තරගය ජයග්‍රාහණය කළේ දෙවන සුපිරි පන්දුවාරයේ තවත් පන්දු දෙකක් අතැතිවයි. එහි දී එක් කඩුල්ලක් දැවී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම රැස්කරගත්තේ ලකුණු 11ක් පමණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *