ගම්පහ වෙළඳසැල් සහ ඖෂධසැල් විවෘතයි
ගම්පහ දිස්ත්‍රික්කයේ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල වෙළඳසැල් සහ ඖෂධසැල් අද (20) දින විවෘත කෙරේ.
ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 19 කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය බලපැවැත්වෙන සියළු ප්‍රදේශවල පිහිටි වෙළඳසැල් සහ ඖෂධසැල් අද පෙ.ව. 8.00 සිට ප.ව. 10.00 දක්වා විවෘත කර තැබිය හැකි බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප‍්‍රකාශ කරයි.
විවෘත කෙරෙන වෙළඳසැල් සහ ඖෂධසැල්වලට ගමන් කිරීමේදී නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය කළයුතු බව පොලීසිය විසින් අදාළ ප‍්‍රදේශවල ජනතාවට දැනුම්දී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
