තවත් 17ක් සුවය ලබයි
අද (20) දිනය තුළ දී තවත් කොවිඩ් ආසාදිත පුද්ගලයින් 17 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
කොළඹ IDH, වැලිකන්ද, හම්බන්තොට සහ මුල්ලේරියාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙසේ සුවය ලබා පිටව ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙරට දී සුවය ලැබූ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 3,457ක් දක්වා ඉහළගොස් ඇති අතර තවත් ආසාදිතයින් 2,215 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
