ක්‍රීඩා

2020 රග්බි ලෝක ශූරතාවලියෙන් ලෝක ශූරයින් ඉවතට

2020 රග්බි ශූරතා තරගාවලියෙන් ඉවත් වීමට වත්මන් රග්බි ලෝක ශූරයින් වන දකුණු අප්‍රිකා (ස්ප්‍රින්ග් බොක්ස්) කණ්ඩායම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දකුණු අප්‍රිකාවේ පැතිර යන කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ආරක්ෂණ  පියවර සම්බන්ධයෙන් රජයෙන් පවතින ගැටලුකාරී තත්වය මත මෙම තීරණය ගත් බව රග්බි බලධාරීන් ප්‍රකාශ කරයි.

දකුණු අප්‍රිකාව හැරුණු විට රග්බි ලෝක ශූරතාවලිය ආර්ජන්ටිනාව සහ නවසීලන්තය ප්‍රතික්ෂේප කර නොමැති අතර ඔක්තෝම්බර් 31 වැනි දින සිට දෙසැම්බර් 5 වැනි දින දක්වා ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතව තිබූ මෙම රග්බි තරගාවලිය කොවිඩ් 19 වසංගත තත්වය හේතුවෙන් කල් දමා ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *