20ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් කරුණු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයට අමතරව ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අභියෝගයට ලක්කරමින් විවිධ පාර්ශ්වයන් විසින් ගොනුකළ පෙත්සම්වලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය එසේ තීරණය කර ඇති බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
නමුත් කාරක සභා අවස්ථාවේ දී ඉදිරිපත් කරන සංශෝධන මඟින් ජනමත විචාරණයකට තුඩුදෙන කරුණු සංශෝධනය කර ගැනීමේ හැකියාව පවතින බව ද ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන්ව තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
