දේශීය

20ට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අද පාර්ලිමේන්තුවට

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය අද (20) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පසුගිය 10 වන දා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර තිබුණු අතර එම තීන්දුව කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වූ අතර එය සැප්තැම්බර් 22 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

ඒ අනුව විවිධ පාර්ශ්වයන් විසින් සංශෝධනයට එරෙහිව පෙත්සම් 39ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ අතර අදාළ පෙත්සම් විභාගය පසුගිය 5වන දින අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ජනාධිපතිවරයාට සහ කතානායකවරයාට යොමු කළේය.

එම තීන්දුව අද පෙරවරු 10.00ට කතානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට අදාළ විවාදය හෙට (21) සහ අනිද්දා (22) දිනයන් හි පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විවාදයෙන් අනතුරුව 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට ද නියමිතව තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *