තවත් ප්‍රදේශ 5කට ඇඳිරිනීතිය
පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් තවත් පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇත.
ඒ අනුව කුලියාපිටිය, පන්නල, දුම්මලසූරිය, ගිරිඋල්ල සහ නාරම්මල පොලිස් බලප්‍රදේශ සඳහා වහාම ක්‍රියාත්මකවන පරිදි නිරෝධායන ඇඳිරිනීතිය පැන වූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව පිළිබඳව සලකාබලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ නිර්දේශමත වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති අතර එම ප්‍රදේශවල සිටින ජනතාවට නිවෙස් තුළම රැඳී සිටින ලෙසට දැනුම් දී තිබේ.
කෙසේ වෙතත් මෙම ඇඳිරිනීතියෙන් උසස් පෙළ විභාගය සඳහා සහභාගීවන සිසුන්ට කිසිසේත්ම බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
