ඇඳිරිනීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 125ක් අත්අඩංගුවට
ගත වූ පැය 24 තුළ නිරෝධායන ඇඳිරිනීතිය උල්ලංඝනය කළ තවත් පුද්ගලයින් 125 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
මේ දක්වා එක් දිනක් තුළ අත්අඩංගුවට ගත් වැඩිම පිරිස එය වන අතර මේවන විට නිරෝධායන ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 513 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට රථ වාහන 63ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තවීමත් සමඟ පසුගිය 04 වනදා ගම්පහා දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරිනීතිය පැනවූ අතර මේවන විට ගම්පහ සහ කුලියාපිටිය පොලිස් බලප්‍රදේශ 24ක් සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
