දේශීය

කොටුව පොලිසිය තාවකාලිකව වැසේ

බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීම හේතුවෙන් කොටුව පොලිසියේ රාජකාරි කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියේජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

මහජනතාවට කොටුව පොලිස් ස්ථානයෙන් සිදුකර ගැනීමට ඇති රාජකාරීන් කොම්පඤ්ඤවීදිය සහ පිටකොටුව පොලිස් ස්ථානවලින් සිදුකර ගත හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් සියලු දෙනාම සහ කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් 48 දෙනෙකුත් එම පොලිස් ස්ථානය තුළදීම ස්වයං නිරෝධායනය සඳහා යොමුකර ඇත.

එමෙන්ම කොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ සෙසු නිලධාරීන් පොලිස් බැරැක්ක තුළදීම ස්වයං නිරෝධායනයට ලක්කොට ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *