විදේශීය

ජර්මනියේ සෞඛ්‍ය ඇමති ස්වයං නිරෝධායනයට

ජර්මනියේ සෞඛ්‍ය අමාත්‍යවරයා වන ජෙන්ස් ස්පාන් හට නව කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.

කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ සෞඛ්‍ය අමාත්‍යවරයාව ඔහුගේ නිවස තුළම ස්වයං නිරෝධායනයට යොමු කිරීමට එරට බලධාරීන් විසින් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජර්මන්යේ සෞඛ්‍ය නිලධාරීන් විසින් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සබඳතා පැවැත්වූ පුද්ගලයින් දැනුවත් කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව වාර්තා වේ.

මේ වන විට ජර්මන්යෙන් වාර්තා වන සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 391,355දෙනෙකු වන අතර කොවිඩ් වෙරසය හේතුවෙන් මේ දක්වා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 9,999කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *