දේශීය

ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 83ක් අත්අඩංගුවට

ගත වූ පැය 24ක කාලය තුළ නිරෝධායන ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඒ අනුව මේ දක්වා ඇඳිරිනීතිය කඩකල පුද්ගලයින් 596 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඇඳිරිනීතිය කඩ කරමින් ධාවනය කළ රථවාහන 76ක් පොලිස් භාරයට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *