ක්‍රීඩා

MI අභිබවා RCB කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟ ඊයේ (21) පැවැති තරගය කඩුලු 8කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම සමත් විය.

එම තරගය ජය ගැනීමත් සමඟ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අභිබවා රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව තිබේ.

කාසියේ වාසිය දිනාගත් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම එම තරගයේ පළමුව පන්දුවට පහර දීම තීරණය කළේය.

ඒ අනුව පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත්තේ ලකුණු 84ක් පමණි.

කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ අසාර්ථක පිතිහරඹය හමුවේ ලකුණු 85ක පහසු ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම පන්දුවාර 13යි පන්දු 3කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 85ක් ලබාගෙන තරගය ජය ගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *