විදේශීය

‌Google සමාගමට එරෙහිව ඇමරිකාවෙන් නඩු

අන්තර්ජාල සෙවුම්වලට අදාළ නීති ගූගල් සමාගම විසින් උල්ලංඝණය කර ඇති බවට චෝදනා කරමින් ඇමරිකාව විසින් ගූගල් සමාගමට එරෙහිව නඩු පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් ඇමරිකාව විසින් වසරකට වැඩි කාලයක් විමර්ශනය කර ඇති බවට විදෙස් වාර්තාවල සඳහන් වේ.

වසර ගණනාවකින් පසු ප්‍රධාන තාක්ෂණික සමාගමකට ඇමරිකාව විසින් කළ විශාලතම අභියෝගය මෙයයි.

නමුත් ගූගල් සමාගම පවසන්නේ, ඔවුන් එම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. තව ද පාර්භෝගිකයින් වෙනුවෙන් සැමවිටම මූලිකත්වය ලබා දෙන බවයි.

බොහෝ පාරිභෝගිකයින් ගූගල් සෙවුම භාවිතා කරන්නේ භාවිතයේ පහසුව නිසා බවත් ගූගල් සමාගමෙන් ඒ සඳහා කිසිඳු බලකිරීමක් සිදුනොකරන බවත් එම සමාගම විසින් වැඩිදුරටත් සඳහන්කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *