දළදා මාලිගාවට හැඳුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්ය කෙරේ
නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල පිරිස් සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් ශ්‍රී දළදා මාළිගාවට ඇතුළත් කරගැනීම තාවකාලිකව අත්හිටුවා ඇතිබව දළදා මාලිගාවේ දිය වඩන නිලමේ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.
එම නිවේදනයට අනුව දළදා මාලිගාවට පැමිණෙන සියලු බැතිමතුන් ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්ය කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
