ක්‍රීඩා

MI පරදා RR ජයගනී – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (25) පැවැති තරගය, තරගාවලියේ කැපී පෙනෙන කණ්ඩායමක් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය ගැනීමට සමත් විය.

කාසියේ වාසිය හිමිකර ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 195ක් රැස්කර ගැනීමට සමත් විය.

ලකුණු 196ක ජයග්‍රාහි ඉලක්කයක් හඹායෑම සඳහා පිටියට පිවිසි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම එම ඉලක්කය වෙත පන්දුවාර 18යි පන්දු 2ක් තුළ දී ලඟා වූ අතර ඔවුන් කඩුලු 2ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 196කි.

ඒ අනුව එම තරගය කඩුලු 8කින් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ජය ගැනීමට සමත් වූ අතර පන්දු 60කදී ලකුණු 107ක් ලබාගත් බෙන් ස්ටොක්ස් තරගයේ වීරයා විය. ඔහුගේ ඉනිම හයේ පහරවල් 3කින් සහ හතරේ පහරවල් 14කින් සමන්විත විය.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරගයක් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූර් කණ්ඩායම හා චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අතර ඩුබායි හීදී පැවැත්විය.

එම තරගය කඩුලු 8කින් ජයගැනීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි රෝයල් චැලේන්ජර්ස් බැංගලූර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී රැස්කර ගෙන සිටියේ ලකුණු 145කි.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ චෙන්නායි සුපර් කිංග්ස් පිල පන්දුවාර 18යි පන්දු 4කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 150ක් රැස්කර තරගය ජයග්‍රහණය කළේය.

ඊයේ දිනට අදාළ ප්‍රසාද ලකුණු සටහන පහතින් දැක්වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *