දිස්ත්‍රික්ක කිහිපයකට අදත් වැසි
සවස 2න් පසු ඌව, නැගෙනහිර, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථාවලට ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී මුලතිව් සිට ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
