දේශීය

ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහනේ ආරම්භය අදයි

සියලු දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි සිදුකෙරෙන ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ වැඩසටහන අද (27) අනුරාධපුර උතුරු මැද පළාත් සභා ශාලාවේ දී ආරම්භවීමට නියමිතව තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත සිදුකෙරෙන මෙම වැඩසටහනෙන් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය, දේශිය නිෂ්පාදන කර්මාන්ත වැඩිදියුණු කිරීම, ජීවනෝපාය සංවර්ධනය කිරීම ආදිය සිදුකිරීමට නියමිතය.

මෙම වැඩපිළිවෙළ අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සම්බන්ධීකරණය කරන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *