ක්‍රීඩා

KXIP කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට – IPL

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (26) පැවැති තරගය කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරදා කඩුලු 8කින් ජයගැනීමට කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කිංග්ස් ලෙවන් පංජාබ් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සඳහා කොල්කටා නයිට් රයිඩර් කණ්ඩායමට ඇරයුම් කළේය.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 149ක් රැස්කර ගැනීමට සමත් විය.

කොල්කටා නයිට් රයිඩර්ස් ඉනිම ශක්තිමත් කළ ශුබ්මන් ගිල් ලකුණු 57ක් රැස්කර ගනිද්දී ඉයන් මෝගන් ලකුණු 40ක් රැස් කළේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කිංග්ස් ලෙවන් පන්ජාබ් කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 5ක දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 150ක් රැස්කර තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පත්ව තිබේ.

අනර්ඝ පිති හරඹයක යෙදුණු ක්‍රිස් ගේල් පන්දු 29කදී ලකුණු 51ක් රැස්කර ගනිමින් තරගයේ වීරයා වූ අතර ඔහුගේ ඉනිම හයේ පහරවල් 5කින් සහ හතරේ පහරවල් 2කින් සමන්විත විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *