පාස්කු කොමිසමේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාක්ෂි මෙහෙයවීමේ කටයුතු දැනට පවතින කොරෝනා තත්වය හේතුවෙන් ලබන 31 වෙනිදා දක්වා කල් තැබීමට පියවර ගෙන තිබේ.
ඉදිරි දින කිහිපය තුළ සාක්ෂි ලබා දීමට නියමිතව සිටි සියළුම සාක්ෂිකරුවන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර යළි කොමිසම රැස් වී සාක්ෂි කැඳවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ලබන 31 දිනට නියමිත බව කොමිෂන් සභාවේ ලේකම් බුවනෙක හේරත් මහතා සඳහන් කරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
