බිහාර් ප්‍රාන්ත මැතිවරණයේ පළමු අදියර අද
බිහාර් ප්‍රාන්තයේ ප්‍රාන්ත සභාවට සභිකයින් තෝරා පත්කර ගැනීම සඳහා පැවැත්වෙන මැතිවරණයේ පළමු අදියර අද (28) දිනයේ දී පැවැත්විණ.
කෝටි දෙකකට ආසන්න ජනතාවක් වාසය කරන බිහාර් ප්‍රාන්තයේ ප්‍රාන්ත සභාවේ ආසන 243න් ආසන 71කට නියෝජිතයින් තෝරා පත්කර ගැනීම මෙම මැතිවරණයේ දී සිදුවේ.
මෙම මැතිවරණයේ දී ප්‍රධාන අමාත්‍ය නිතිෂ් කුමාර්ගේ ජනතා දාල් පක්ෂය, භාරතී ජනතා පක්ෂය සමඟ සන්ධානගතව තරග වදී.
අදියර 03ක් යටතේ පැවැත්වෙන බිහාර් මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම නොවැම්බර් 10 වනදා සිදුකිරීමට නියමිතය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
