දේශීය

මහජනාධාර සහ විශ්‍රාම වැටුප් නිවෙස් වෙත – බැසිල් රාජපක්ෂ

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවරගත යුතු බව බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනධිපති කාර්යය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් අරලියගහ මන්දිරයේ දී ඊයේ (27) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහි දී බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙලෙස සඳහන් කළ බව අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය පවසයි.

බැරෑරුම් තත්වයක දී වුව ද විදුලිය, ජලය, ඉන්ධන, ගෑස් සහ සෞඛ්‍ය ඇතුළු ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවන් අඛණ්ඩව ලබා දීමට නිසි ක්‍රමවේදයක් ද මහජනාධාර සහ විශ්‍රාම වැටුප් නිවෙස් වෙත ගොස් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද දිසාපතිවරුන්ට සහ තැපැල්පතිවරයාට උපදෙස් ලබා දී ඇති අතර නිවෙස්වල නිරෝධායනයට යොමුකර ඇති පවුල් සඳහා සති දෙකකට සරිලන බඩු මල්ලක් ලබා දීම සම්බන්ධයෙන් ද එහි දී බැසිල් රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබේ.

තවද ණය වාරික සඳහා සහන කාලයක් ලබා දීම සම්බන්ධයෙන් සහ සම්පූර්ණයෙන්ම වසා දැමුණු ප්‍රදේශවල පවුල් සඳහා රුපියල් 5,000 බැගින් ලබා දීම සම්බන්ධයෙන් ද එහි දී අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *