විදේශීය

යුරෝපයේ දෛනික කොවිඩ් මරණ අනුපාතය 40%කින් ඉහළ යයි

යුරෝපයේ  මේවන විට කොවිඩ් වෛරසය තත්වය හේතුවෙන් දෛනික මරණ අනුපාතය 40%කින් පමණ ඉහළ ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරයි.

ප්‍රංශය, ස්පාඤ්ඤය, එංගලන්තය, නෙදර්ලන්තය හා රුසියාව යන රටවල් හී ආසාදිතයින් විශාල ලෙස වාර්තා වී ඇති බවත් එම හේතුවෙන් රෝහල් තුළ ඇති දැඩිසත්කාර ඒකක, රෝගීන්ගෙන් පිරීයාම මෙම ගෝලීය වෛරස තත්වය පිළිබද අනතුරු අඟවන සාදකයක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් මහත්මිය සඳහන් කරයි.

එසේම මේවන විට පිළිවෙලින් ඇමරිකාව, ඉන්දියාව, බ්‍රසීලය, යන රටවල් වෛරසයෙන් අවධානමට ලක්ව ඇති මුල් පෙලේ රටවල් තුන වන අතර රුසියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ආජන්ටිනාව, කොළොම්බියාව, එංගලන්තය හා මෙක්සිකෝව යන රටවල් මුල් පෙලේ රටවල් දහය අතර වේ. ඊයේ දිනයේදී මෙම මුල් පෙලේ රටවල් අතර නමවන තැන මෙක්සිකෝවත් දහවන තැන එංගලන්තය සිටි අතර අදවන විට එංගලන්තය නමවන තැතට පැමිණ ඇති අතර මෙක්සිකෝව දහවන තැතට පැමිණ ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *