දේශීය

සහරාන් හෂීම් රැඳීසිටි පානදුර නිවසේ හිමිකරු පාස්කු කොමිසම හමුවට

පාස්කු ඉරුදින එල්ල කළ මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම් ඇතුළු පිරිස නවාතැන්ගෙන සිටි පානදුර ප්‍රදේශයේ පිහිටි නිවසේ හිමිකරු වන එස්. එම්. ඉල්හාම් සාක්ෂි ලබා දීම සඳහා ඊයේ (27) දින පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ ඇත.

ඔහු පාස්කු කොමිසම වෙත කැඳවූ පළමු අවස්ථාව මෙය වන අතර සිය නිවස රුපියල් 40,000ක් බැගින් වූ මුදලක් ලබා ගනිමින් කුලී පදනම මත මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නැමැති පුද්ගලයාට ලබා දුන් බව ඉල්හාම් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දී තිබේ.

තවද කොළඹ කිංග්ස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් මුබාරක්ගේ ඡායාරූපයක් කොමිසම විසින් පෙන්වා ඇති අතර ඉල්හාම් එය හැඳින නිවස කුලී පදනම මත ලබාදුන්නේ එම පුද්ගලයාට බව ප්‍රකාශකර ඇති බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *