ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගන්න පුළුවන් මෙහෙමයි
ඇඳිරිනීතිය පැනවූ ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අලෙවි සැල් විවෘතව තැබීමට දින නියම වෙයි.
ඒ අනුව සඳුදා සහ බ්‍රහස්පතින්දා දිනවල පෙ.ව.8.00 සිට රාත්‍රී 10.00 දක්වා කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල වෙළඳසැල් විවෘතවන අතර අඟහරුවාදා සහ සිකුරාදා දිනවල පෙ.ව.8.00 සිට රාත්‍රී 10.00 දක්වා කුරුණෑගල සහ කොළඹ දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල භාණ්ඩ මිලදී ගැනීමට හැකියාව පවතී.
ඇඳිරිනීතිය පවතින ප්‍රදේශවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට ජනතාවට අවස්ථාව සැලසෙන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීම සඳහා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීමේදී මේ බව සඳහන් කළේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
