ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන්
ඊයේ (27) දිනයේ මෙරටින් ආසාදිතයින් 457ක් වාර්තා වුණු අතර ඉන් අඩක් පමණ වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. ඊයේ දින ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන 220ක් වූ අතර දෙවනියට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. කොළඹින් කොවිඩ් ආසාදිතයින් 183ක් වාර්තා වූ අතර කළුතරින් 16ක් වාර්තා විය.
Covid – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කළ වාර්තාවට අනුව ඊයේ දින හඳුනාගත් රෝගීන් 457න් 419ක්ම බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයකි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
