දේශීය

ජනාධිපති ගෝඨාභය සහ ඇමරිකානු රාජ්‍ය ලේකම් අතර හමුව

ඉන්දීය සංචාරය නිමවා ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ඊයේ (27) රාත්‍රියේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් මෙරටට පැමිණියේ ය.

මෙරටට පැමිණි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා අද (28) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

එම ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමෙන් පසුව මයික් පොම්පියෝ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහභාගිවන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *