ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
ඌව පළාතේ සහ ත්‍රිකුණාමලය, අම්පාර දිස්ත්‍රික්කවල මි. මී 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවත් උතුරු මැද පළාතේ සහ හම්බන්තොට, මුලතිව්, වවුනියා දිස්ත්‍රික්කවලත් සවස 2න් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවමකර ගැනීමට පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ජනතාවට එම නිවේදනය මඟින් දැනුම් දෙයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
