ක්‍රීඩා

සන්රයිසස් පිලට තියුණු ජයක් – IPL

තරග වට 60කින් සමන්විත ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 47වන තරගය ඊයේ (27) සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර ඩුබායි හීදී පැවැත්විය.

එම තරගය ලකුණු 88කින් ජය ගැනීමට සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම සමත් වූයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අන්ත පරාජයකට පත් කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිල්ලි කැපිටල්ස් සතු වූවත් එම කණ්ඩායම පළමුවට තෝරාගත්තේ පන්දු රැකීමයි.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 219ක් රැස්කර ගැනීමට සමත් විය.

ඉතා අපහසු ඉලක්කයක් වන ලකුණු 220ක් හඹා යෑම සඳහා පිටියට පිවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ කඩුලු සියල්ල පන්දුවාර 19ක දී දවා ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් වූ අතර ඒ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම රැස් කරගෙන සිටියේ ලකුණු 131ක් පමණි.

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ රෂීඩ් ඛාන් කඩුලු 3ක් දවාගත් අතර සංදීප් ශර්මා සහ ටී. නටරාජන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *