දේශීය

ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල වෙළඳසැල් අද විවෘතයි

ගම්පහ දිස්ත්‍රික්කයටම මේ වන විටත් නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙන අතර කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 21කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබේ.

ඒ අනුව අද (29) උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා පැය 14ක කාලයක් දැනට නිරෝධායනය ඇඳිරිනීතිය පනවා තිබෙන ප්‍රදේශවල අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිලදී ගැනීමට අත්‍යාවශ්‍ය ආහාර සපයන වෙළඳසැල් සතොස,සමුපකාර,සුපිරි වෙළඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිතීඥ අජිත් රෝහණ මහතා පවසයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *