දේශීය

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

ඊයේ (28) දිනයේ දී මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් අතරින් 237දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ,

  • කොළඹ නගරයෙන් ආසාදිතයින්     –           161
  • කිරුළපන ආසාදිතයින්                  –             06
  • පාමංකඩ ආසාදිතයින්                    –             02
  • මෝදර ආසාදිතයින්                      –             06
  • මට්ටක්කුලිය ආසාදිතයින්              –             21
  • නාරාහේන්පිට ආසාදිතයින්             –             06
  • වැල්ලම්පිටිය ආසාදිතයින්              –             01
  • මාළිගාවත්ත ආසාදිතයින්               –             03
  • කඩුවෙල ආසාදිතයින්                    –             01
  • වැල්ලවත්ත ආසාදිතයින්                –             05
  • බොරැල්ල ආසාදිතයින්                  –             03.
  • තුන්මුල්ල ආසාදිතයින්                  –             01
  • කැස්බෑව ආසාදිතයින්                    –             17 ලෙස වාර්තා වී තිබේ.
     

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 22දෙනෙක්, වත්තල ප්‍රදේශයෙන් ආසාදිතයින් 52දෙනෙක් සහ දිවුලපිටියෙන් එක් ආසාදිතයෙකු ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයෙන් ආසාදිතයින් 10දෙනෙකුත් නුවරඑළිය දිස්ත්‍රක්කයෙන් ආසාදිතයින් 04දෙනෙකුත් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් එක් ආසාදිතයෙකු ලෙස මෙරට නොයෙක් ප්‍රදේශවලින් ආසාදිතයින් වාර්තා වූ බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *