බගවන්තලවේ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට කොරෝනා
බගවන්තලාව ප්‍රදේශයේ ස්වයං නිරෝධායන වෙමින් සිටි කාන්තාවන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
එම ආසාදිත කාන්තාවන් දෙදෙනාගෙන් එක් කාන්තාවකගේ සැමියා කොවිඩ් ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමඟ ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමුකර තිබුණි.
එහි දී සිදුකළ PCR පරීක්ෂණයකින් ආසාදිතයාගේ බිරිඳට සහ බිිරිඳගේ නැගෙණියට මෙලෙස කොවිඩ් 19 වෛරසය වැළඳී ඇතැයි අනාවරණය වී තිබේ.
වෛරස ආසාදිත කාන්තාවන් දෙදෙනා බගවන්තලාව නගරයේ පිහිටි හින්දු කොවිලේ පූජාවකට සහභාගි වී ඇති අතර මේ වන විට කෝවිලේ පූජකවරයා සහ කාර්යය මණ්ඩලයේ සාමාජිකයින් 7දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
