දේශීය

17වන ගුවන් හමුදාපති විශ්‍රාම යයි

ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරන එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා නොවැම්බර් මස 2වෙනිදා විශ්‍රාම යාමට නියමිත බව ගුවන් හමුදාව පවසයි.

ඔහු විශ්‍රාම යාමෙන් පසු 18වන ගුවන් හමුදාපතිවරයා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාණ්ඩලික ප්‍රධානි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා පත් කිරීමට නියමිතව ඇත.

ඊයේ (28) යුධ හමුදා මූලස්ථානයේදී විශ්‍රාම යාමට නියමිතව සිටින ගුවන් හමුදාපති  එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා වෙනුවෙන් සමු ගැනීමේ උළෙලක් ද පවත්වා තිබෙන අතර ඔහු ඉන්පසු කැනඩාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කිරීමට නියමිතය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *